ආසියානු ක්රිඩා උළලේ කාන්තා ක්රිකට් රන් පදක්කම සදහා වන අවසන් තරගය අද පැවැත්වෙනවා.
රන් පදක්කම සදහා මෙහිදි තරග වදින්නේ ශ්රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායමයි.
මීට පෙර ටී ටුවෙන්ටි ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගය සදහා ද මෙම කණ්ඩායම් දෙක එකිනෙකා මුණ ගැසුණා.
එහිදී කුසලානය දිනා ගැනීමට සමත් වුයේ ඉන්දීය කණ්ඩායමයි.
කෙසේවෙතත් වඩා වැඩි විශ්වාසයකින් සහ රන් පදක්කම පිළිබද ඉහළ බලාපොරොත්තුවකින් අද තරගයට සහභාගි වන බව ශ්රී ලංකා කණ්ඩායමේ උප නායිකා හර්ෂිතා සමරවික්රම කියාසිටියා.
ඇය මේ බව පැවසුවේ සියලු ශ්රී ලාංකික ක්රීඩාලෝලීන්ගෙන් ඉල්ලීමක් ද කරමින්.
"සෙමි ෆයිනල් (Semi-final) එකේ අපේ කණ්ඩායමක් විදිහට ඕවරෝල් (overall) හොඳ පර්ෆෝමන්ස් (performance) එකක් දුන්නා. ඒ වගේම චමරි අක්කා ඉනින් (inning) එක පුරාම හොඳින් ක්රීඩා කරා. හසිනි අක්කත් හොඳින් ක්රීඩා කරා. ඉතින් එදා තරඟයේ වෙච්ච ඒ පොසිටිව් (positive) දේවල් ෆයිනල් (final) එකට ගෙනියන්නත්, ඒ වගේම අපේ අතින් වුණු අඩුපාඩු හඳුනාගෙන ඒවට ක්රියාමාර්ග අරගෙන ෆයිනල් එකේ හොඳින් ක්රීඩා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කණ්ඩායමක් විදිහට. ඒ වගේම තරඟය අපිට ගොඩක් වටින තරඟයක්, ඉන්දියානු කණ්ඩායම සමග පැවැත්වෙන්නේ. ක්රිකට් කියන්නේ අනිශ්චිත ක්රීඩාවක්. එදා දවසේ හොඳටම කරන කණ්ඩායම තමයි ජයග්රහණය කරන්නේ. ඉතින් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා වැරදි අඩුවෙන් කරලා, අපේ ප්ලෑන්ස් (plans) හරි වෙලාවේ හරියට එක්සිකියුට් (execute) කරලා, තරඟය ජයග්රහණය කරලා ශ්රී ලංකාවට රන් පදක්කමක් අරන් එන්න. ඉතින් ජපානේ ඉන්න ශ්රී ලාංකිකයන්ට ආරාධනා කරනවා ඇවිල්ලා අපිට මැච් (match) එක බලන්න, ඇවිල්ලා අපිට සපෝට් (support) එක දෙන්න කියලා. ලංකාවේ ඉන්න සියලු දෙනාට බලාපොරොත්තු තියෙනවා ඒගොල්ලන්ගේ සපෝට් එකත් අපිට හම්බෙයි කියලා."
රන් පදක්කම සදහා අද පැවැත්වෙන අවසන් මහා තරගයට ශ්රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව තරගයකදී පකිස්තානය පරාජය කරමින්.
අනෙක් අවසන් පූර්ව තරගයේදි බංග්ලාදේශය පරාජය කරමින් ඉන්දියාව අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබාගත්තා.
ආසියානු ක්රීඩා උළෙල මෙවර පැවැත්වෙන්නේ ජපානයේ අයි චී නගෝයාහිදීයි.




