Published
ආසියානු කුසලාන නැගී එන තරු එක් දින ක්රිකට් තරගාවලියේ ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම සමග අද පැවති තරඟය පහසුවෙන් ජයගැනීමට ශ්රී ලංකා A කණ්ඩායම සමත් වුණා.
තරඟය පැවැත්වුණේ දෝහාහිදීයී.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම ලකුණු 139ට සියලු දෙනා දැවී ගියා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා A කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දු වාර 21යි පන්දු 4ක් පමණක් වැය කරමින් කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 144ක් ලබාගනිමින්.
ලසිත් කෲස්පුල්ලේ ලකුණු 40ක් ද නිශාන් මදුශංක ලකුණු 30ක් සහ නායක පවන් රත්නායක නොදැවී ලකුණු 29ක් ද ලබා ගත්තා.
පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉහළම දක්ෂතාව දැක්වූයේ චාමික හීනටිගලයි. ඔහු ලකුණු 11 ට කඩුලු 3ක් දවා ගත්තා.




