Published
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ඇල්ටෝ ධර්මේ‘ගේ සමීපතමයෙකු වන ‘දුමිඳුගේ‘ නමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසිනුයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඒ, ගල්කිස්ස කොට්ඨාසයේ අපරාධ නිවාරණ හා දුෂණ වැටලීම් රාජකාරියේ යෙදී සිටියදීයී.
එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10,000ක් සොයාගෙන තිබෙනවා.
ඔහු රත්මලාන ශ්‍රී ඉන්ද්‍රජෝති පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ.




