Published
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SINDHUKESARI’ සබ්මැරීනය කොළඹ වරායට පැමිණ තිබෙනවා.
ඒ, සිය මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීමේ අරමුණින්.
කොළඹ වරායට පැමිණි එම සබ්මැරීනය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එය නාවික සම්ප්‍රදායානුකූලව උණුසුම් ලෙස පිළිගෙන තිබෙනවා.
‘INS SINDHUKESARI’ සබ්මැරීනය ශ්‍රී ලංකාවේ රැදී සිටින කාලසීමාවේ එහි කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහභාගී වීමටත්, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටත් නියමිතව තිබෙනවා.




