ඉන්ධන මිල යළි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව නව මිල ගණන් අද (2) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.

ඔක්ටේන් 92 ක වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 12 කින්.

ඒ අනුව රුපියල් 398 කට පැවති එම පෙට්‍රල් ලීටරයක නව මිල 410ක්.

රුපියල් 455ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ දමා ඇති ඇති අතර එහි නව මිල රුපියල් 470ක් වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිලද රුපියල් 10 කින් ඉහළ දමා තිබෙනවා.

එහි නව මිල රුපියල් 392ක්.

රුපියල් 443ක්ව පැවති ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 458 ක් වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.

මේ අතර භූමිතෙල් ලීටරයක මිලද ඉහළ දමා තිබෙනවා.

ඒ, රුපියල් 10 කින්.

ඒ අනුව රුපියල් 255ක්ව තිබූ භූමිතෙල් ලීටරයක මිල 265 ක් වන බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් පැවසුවේ.