Published
ලෝක වෙළෙදපොළ තුළ ඉන්ධන මිල ගණන් දෛනික වෙනස් විම මත මෙරට ඉන්ධන මිලෙහි අඩුවීමක් හෝ වැඩිවීමක් සිදුවිය හැකි ද යන්න මේ මොහොතේ ප්රකාශ කළ නොහැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
කෙසේ වෙතත් රට තුළ ප්රමාණවත් ඉන්ධන තොග පවතින බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්යක්ෂක මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසුවේ.




