ඇමරිකාව සහ ඉරානය අතර ස්විට්සර්ලන්තයේ පැවැති සාකච්ඡාවලින් අනතුරුව, ඉරානයට පනවා තිබූ තෙල් සම්බාධක තාවකාලිකව ලිහිල් කිරීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා.
දශක ගණනාවකට පසු ඉරාන බොරතෙල් ඇමරිකානු ඩොලර්වලින් අලෙවි කිරීමට සහ සෘජුවම ඇමරිකාවට අපනයනය කිරීමට මෙමගින් අවසර ලැබෙනු ඇති.
දින 60ක කාලසීමාවකට බලපැවැත්වෙන පරිදීයි ඉරානයට පනවා තිබූ තෙල් සම්බාධක ලිහිල් කර ඇත්තේ.
ඒ සාකච්ඡාවලදී එකඟතාවට එළඹී දෙරට අතර අවසන් සාම ගිවිසුමට එළැඹීම සඳහා වන දින 60ක ක්‍රියාකාරී සැලැස්මට අනුවයි.
කෙසේ වෙතත්, ඉරානය තුළට නැවතත් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ පරීක්ෂකවරුන්ට ඇතුළු වීමට ඉඩ දෙන බවට ඇමරිකානු උප ජනාධිපති ජේ. ඩී. වෑන්ස් කළ ප්‍රකාශය ඉරාන විදේශ අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
තමන් පරීක්ෂණ සම්බන්ධයෙන් කිසිදු නව එකඟතාවකට පැමිණ නැති බවයි ඉරානය පවසන්නේ.
පරීක්ෂණ සිදුවන්නේ පවතින නීතිමය රාමුව තුළ පමණක් බවද ඉරානය අවධාරණය කරනාවා.
මේ අතර, කටාර් සහ පකිස්ථාන මැදිහත්කරුවන් ප්‍රකාශ කළේ හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික කටයුතු ආරක්ෂිතව පවත්වාගෙන යාමට සහ ලෙබනනයේ පවතින ගැටුම් නතර කිරීම සඳහා විශේෂ සන්නිවේදන ඒකකයක් පිහිටුවීමට දෙපාර්ශවය එකඟ වූ බවයි.
ඉරානය මෙම එකඟතාවන් කඩ කළහොත් දැඩි පියවර ගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.



