හදිසියේ ඇතිවූ කැසීමේ රෝගයක් හේතුවෙන් උඩප්පුව - කට්ටකඩුව රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයේ 07 වන ශ්‍රේණියේ ඉගෙනු ලබන සිසුන් පිරිසකට බාහිර ප්‍රතිකාර ලබාදීමෙන් පසු ඔවුන් දෙමව්පියන් වෙත භාරදී තිබෙනවා.

සිසුන් රෝගී වූ බව දැන ගැනීමෙන් අනතුරුව එම පන්ති කාමරයේ සිටි අනෙකුත් සිසුන්ද ඔවුන්ගේ දෙමව්පියන් පැමිණ නිවෙස් වෙත රැගෙන ගොස් ඇති බවයි නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ.

කුෂ්ඨ රෝගයක් සහිත සුනඛයෙකු රාත්‍රි කාලයේ එම විද්‍යාලයේ පන්ති කාමරවල රැදී සිටින බවට මීට පෙර නිරීක්‍ෂණය වී තිබෙනවා.

එය පාසල් සිසුන්ට අනතුරු දායක බවට පාසලේ විදුහල්පතිවරයා විසින් මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත දැනුම් දී තිබූ බවද වාර්තා වුණා.

කෙසේවෙතත් එම සුනඛයා පාසලෙන් ඉවත් කිරීමට කිසිවෙකු මෙතෙක් කටයුතු කර නොමැති බවට දෙමව්පියන් චෝදනා කළා.