පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතින මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සැල් පැවැත්වීම සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් තහනමක් පනවා ඇතැයි යන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත බව, උතුරු පළාත් ආණ්ඩුකාරය නාගලින්ගම් වේදනායහන් මහතා පවසනවා.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ එවැනි කිසිදු තීරණයක් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය විසින් ගනු ලැබ නොමැති බවයි.
ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් පවා සිදු නොවූ බවත්, මහත් වගකීමෙන් යුතුව දන්වා සිටින බවයි උතුරු පළාත් ආණ්ඩුකාරවරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ.
දිගු කාලයක් තිස්සේ අපගේ ජන කොටස් අතර පවත්නා ජාතික හා ආගමික සංහිඳියාව විනාශ කිරීමටත්, ජනතාව අතර ව්‍යාකූලත්වය ඇති කිරීමටත් යන ද්වේශ සහගත අරමුණින් ඇතැම් කොටස් විසින් මෙවැනි ව්‍යාජ ප්රවෘත්ති හිතාමතාම සෑදීමෙන් හා ව්‍යාප්ත කිරීමෙන් ක්‍රියා කරන බව පැහැදිලියි.
මෙම පහත් හා ද්වේෂ සහගත සමාජ මාධ්‍ය ව්‍යාපාරයට එරෙහිව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද උතුරු පළාත් ආණ්ඩුකාරවරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.




