2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින වකවානු විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන අගෝස්තු මස 10 වන දින සිට සැප්තැම්බර් මස 5 වනදා දක්වා 2026 අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන අගෝස්තු මස 9 වන දින පැවැත්වෙන බවද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.