Published
කඩුවෙල පොළ භුමියේ බස්රථ ගාලේ ගාල් කර තිබු බස් රථයකට අද අලුයම කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබෙනවා.
ඒ අනුව බස් රථය සමිපුර්ණයෙන් ගිනි ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
බියගම ගිණි නිවීම් ඒකකයේ ගිනි නිවන රථය මගින් ගින්න නිවා දමා තිබෙනවා.
කඩුවෙල සිට මාතර දක්වා අධිවෙිගි මාර්ගයේ ගමන් ගන්නා සුඛෝපබෝගි වර්ගයේ බස් රථයකටයි එලෙස ගිනි තබා ඇත්තේ.
බස්රථයේ හිමිකරු මේ දක්වා එම ස්ථානයට පැමිණ නැහැ.
බස් රථයට ගිනි තැබූ සැකකරුවන් සොයා කඩුවෙල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.




