Published
අභිරහස් ලෙස මියගිය කපිල චන්ද්‍රසේන මහතාට ඇප තැබීමට ඉදිරිපත් වූ බව කියන ව්‍යජ ඇපකරුවන් දෙදෙනා ඇතුළු සැකකරුවන් හතර දෙනා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.
ඔවුන්ගේ ඇප ඉල්ලීම් සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා එක් එක් සැකකරු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි නියම කළේ.
ඇපකරුවන් පදිංචිය තහවුරු කිරීම සඳහා ග්‍රාම නිලධාරී සහතික ඉදිරිපත් කළ යුතු බව නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඇපකරුවන් තමන් තබන ඇපයට අදාල වටිනාකම ගෙවිමට ප්‍රමාණවත් වත්කම් තිබෙන බවට තහවුරු කරන දිවුරුම් ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් නියම කළා.
ඉන් අනතුරුව නඩුව යළි ජුනි මස 25 වනදා කැඳවීමටද නියම වුණා.




