Published
කොළඹ විහාර මහා දේවී උද්යානය අසල පැවැත්වෙන විරෝධතාවයේදී පූජ්ය බලංගොඩ කස්සප හිමිට පහර දීමක් සිදුව ඇතැයි සමාජ මාධ්යයේ පලවන වාර්තාවල කිසිදු සත්යතාවක් නොමැති බව පොලීසිය පවසනවා.
යම් සිදුවීමක් ඇතිවීමෙන් පසු උන්වහන්සේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් වීමෙන් අනතුරුව ප්රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබුණා.
පූජ්ය බලංගොඩ කස්සප හිමියන් රෝහලට ඇතුළත්වීමේ සිද්ධිය මුල් කරගනිමින් සමාජ මාධ්යවල සංසරණය වූයේ උන්වහසේට පහරදීමක් සිදුව ඇති බවටයි.
එවැනි අසත්ය ප්රචාර සංසරණය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින්ම ක්රියාත්මක කරන බව පොලීසිය වැඩිදුරටත් පැවසුවා.




