Published
රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර භාරයේ පසුවූ, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පුද්ගලයින් එකොළොස් දෙනෙකු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබෙනවා.
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි අද අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා.
පසුගිය නොවැම්බර් 12 වනදා කස්සප හිමි ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ අනුව එම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.




