කාසල් වීදියේ කාන්තා රෝහලේදී දරුවන්ගේ ලිංගිකත්වය වෙනස් කරනු ලබන බවට සමාජ මාධ්‍ය හරහා සංසරණය වන ප්‍රවෘත්තිය සාවද්‍ය බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්ත නාරායන මහතා පවසනවා.

විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රෝහලේ අධ්‍යක්ෂවරයා පවසන්නේ එවැනි කිසිදු ක්‍රියාවක් සිය රෝහලේදී සිදු නොවන බවයි.

රෝහල් අධ්‍යක්ෂ වශයෙන් තමන් වගකීමෙන් යුතුවන් එය ප්‍රකාශ කරන බවත් ඒ සඳහා යම් විමර්ශනයක් කිරීමට අවශ්‍ය නම් එකී විමර්ශනයක් සඳහා පූර්ණ විවෘතභාවයක් පවතින බවත් කාසල් වීඩියේ කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.