Published
ඇදහැළෙන මහ වැසි හේතුවෙන් කැළණි, කළු මෙන්ම අත්තනගලු ඔය සහ මහඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.
වාරිමාර්ග අධ්‍යක්ෂ, ජල විද්‍යා හා ආපදා කළමණාකරන ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පැවසුවේ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවයි.
මේ හේතුවෙන් ගම්පහ, කටාන, වත්තල වැනි පහත්බිම් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බවද ඔහු පැවසුවා.



