බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග සංචාරය සඳහා වන එක්දින, විස්සයි විස්ස සහ ටෙස්ට් සංචිත නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින්.
මෙම තරග සංචාරය ආරම්භ වීමට ඇත්තේ එක්දින තරගාවලියෙන්.
ඉන් අනතුරුව විස්සයි තරගාවලියත්, අවසාන වශයෙන් ටෙස්ට් තරගාවලියත් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව එක්දින කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් වෙත හිමිව තිබෙනවා.
එක්දින කණ්ඩායම් උපනායකයා ලෙස නම් කර ඇත්තේ කමිඳු මෙන්ඩිස්.
පැතුම් නිස්සංක, කමිල් මිෂාර, පවන් රත්නායක, ජනිත් ලියනගේ, චරිත් අසලංක, මිලාන් රත්නායක, වනිඳු හසරංග සහ දුනිත් වෙල්ලාලගේ එක්දින සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් වනවා.
මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර , ඩිල්ෂාන් මධුශංක, එෂාන් මාලිංග, අසිත ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන් ද එක්දින සංචිතයට නම් කර තිබෙනවා.
පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායම සඳහා ද නායකත්වය ලබාදෙන්නෙ කුසල් මෙන්ඩිස්.
කමිඳු මෙන්ඩිස් ද එම කණ්ඩායමේත් උපනායකයායි.
පැතුම් නිස්සංක, කමිල් මිෂාර, ලසිත් කෘස්පුල්ලේ, පවන් රත්නායක, දසුන් ශානක, මිලාන් රත්නායක සහ දුනිත් වෙල්ලාලගේ ද පන්දුවාර විස්ස සංචිතයට නම් කර තිබෙනවා.
වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක, එෂාන් මාලිංග, බිනුර ප්‍රනාන්දු සහ නුවන් තුෂාර පන්දුවාර විස්ස සංචිතයට ඇතුළත් සෙසු ක්‍රීඩකයන් වනවා.
මේ අතර ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් කර ඇත්තේ ධනංජය ද සිල්වායි.
එම කණ්ඩායමේත් උපනායකයා ලෙස කමිඳු මෙන්ඩිස් නම් කර තිබෙනවා.
ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයන් අතරට පැතුම් නිස්සංක, ළහිරු උදාර, නිෂාන් මධුෂ්ක, දිනේෂ් චන්දිමාල්, පසිඳු සූරියබණ්ඩාර,
සොනාල් දිනූෂ සහ මිලාන් රත්නායක අයත්.
ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, ඉසිත විජේසුන්දර සහ කසුන් රාජිත ටෙස්ට් සංචිතයට අයත් සෙසු ක්‍රීඩකයන් වනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම තරග සංචාරය සඳහා හෙට (26) බටහිර ඉන්දීය කොදෙව් බලා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
දෙරට අතර පළමු එක්දින තරගය ජුනි 3 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.




