Published
තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 540 ක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කොල්ලුපිටිය, නිමල්කා උද්‍යානයේ සිදුකළ වැටලීමකදීයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 35 ක් වන චීන ජාතිකයෙක්.
සැකකරු වැඩිදුර විමර්ශන සදහා කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.




