ගම්පහ, කොළඹ, මාතර, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක 10කින් තවදුරටත් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,114 දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවික්‍රම මහත්මිය පැවසුවේ.

මේ දක්වා වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාවද 59 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඇය පැවසුවා.

පවතින අවදානම සැලකිල්ලට ගනිමින් සතියකට මිනිත්තු 30 ක් පමණ වෙන්කර සිය පරිශ්‍ර පිරිසිදු කිරීම සදහා කාලය වෙන් කර ගන්නා ලෙසයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවික්‍රම මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියේ.