Published
ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක වශයෙන් නම්කර ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි නීතිඥ තමරා කුමාරි අබේරත්න නමැත්තිය රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කළා.
ඒ අනුව සැකකාරිය ලබන මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්රත් අධිකරණය නියෝග කළේ.
අදාල රැඳවුම් නියෝග අවසන් වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.



