ගලේවෙල, අලුත්වැව ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී දැඩි ආරක්ෂීත මුහුදු බෙල්ලන් විශේෂයක් ඇතුලු සත්ව කොටස් තොගයක් විකිණීමට ළග තබා ගත් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගුවන් හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කුරුණෑගල වනජීවි කාර්යාලයේ නිලධාරින් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ දඹුල්ල කදවුරේ නිලධාරීන් පිරිසක් එක්ව සිදුකළ මෙහෙයුමකදීයි.

එහිදි සැකකරුවන් සන්තකව තිබී මුහුදු බෙල්ලන් 42ක්, මුව තට්ටුවක් හා මුව අං කොටස් කිහිපයක් සොයාගෙන තිබෙනවා.

එම මුහුදු බෙල්ලන් අතර දැඩි ආරක්ෂිත සුමට මකුළු බෙල්ලන් 20 ක් හා හදුනා නොගත් විශේෂ මුහුදු බෙල්ලන් 22 ක් සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල අලුත්වැව හා පත්කොලගොල්ල ප්‍රදේශවල පදිංචි සැකකරුවන් සිව් දෙනෙක්.