ගාල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින්.

සැකකරුවන් අවුරුදු 37 හා 46 වයස්වල පසුවන වරකාපොල හා මල්කඩුවාව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ.

පසුගිය 12 වනදා මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ගාල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩි තබා පළා ගොස් තිබුණා.

තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂ‍යට පත් වී තිබෙනවා.