ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙමින් තිබියදී සහ මෙම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය විසින් කැඳවන ලද උද්ඝෝෂණය නිසා පාර්ලිමේන්තුව අසල උණුසුම් වූ අවස්ථාවක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබෙනවා. ඒ තමන් මහජන විශ්වාසය දිනා ගැනීමට උත්සාහ කරන්නේ සත්‍ය තමන් ලෙසම පෙනී සිටිමින් බව අවධාරණය කරමින්.

උපුටා ගැනීම

"මම මුල් කාලයේදීම කිවුවා අපේ පාලන කාලය තුළ අපිට බලයට යනකොට ඡන්දේ දුන්න ජනතාවට වඩා වැඩි පිරිසක් අපිව විශ්වාස කරන්න පෙළඹෙනවා කියලා. ඒ විශ්වාසය දිනාගන්න පුළුවන් වෙන්නේ ඇත්ත අවංකභාවය තුළින්. මම ව්‍යාජයක් මවාගෙන හිටියොත් ඇත්ත මම පේන්න පටන් ගත් දා සිට විශ්වාසය බිඳ වැටෙනවා. ඒ නිසා මම විශ්වාසය දිනාගන්න උත්සාහ කරන්නේ ඇත්ත මම ලෙස පෙනී සිටීමෙනුයි."

උපුටා ගැනීම අවසන්

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේදී තවදුරටත් විවාදයට ගැනෙමින් තිබෙනවා.