ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන බව පවසා, එම කාර්යාලය මගින් කැනඩාවේ රැකියා සඳහා යැවීමට යැයි පවසමින් පුද්ගලයන් 34 දෙනෙකුගෙන් මුදල් ලබාගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු විසින්.

කැනඩා රැකියා දෙන බවය අදාළ පුද්ගලයන් 34 දෙනා ඩුබායි වෙත රැගෙන ගොස් අතරමං කර සැකකරුවන් පළා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

මෙම මිනිස් ජාවාරමේ ප්‍රධානියා වන වසන්ත ලාල් නැමැත්තා විදෙස් රටකට පළා ගොස් ඇති බවටයි පැවසෙන්නේ.

අසංක මනිලාල් සහ මොහොමඩ් ඉල්ලියාස් යන අනෙක් සැකකරුවන් දෙදෙනා පළමුව අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ද කරුණු වාර්තා කර තිබෙනවා.