ජලසම්පාදන මණ්ඩලයේ ඉහළම පුටුවක ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ අය නොසතුටින් ඉන්නවා කියලා වාර්තා වෙනවා. මේ ගැන ඇමතිවරයාට පැමිණිලි කරලා හම්බ වෙලාම කතා කරලා කියලත් තියෙනවා. ජලසම්පාදන මණ්ඩලයේ වැඩ එච්චර හරි නෑ, මෙහෙම ගියොත් එහෙම ගැටලු රැසකට මතු වෙනවා, මෙන්න නිසා මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න කියලා. වැඩේ කියන්නේ මේ ඉහළම පෙළ නිලධාරියා පත් කරලා තියෙන්නෙත් මේ ආණ්ඩුවෙන්ම කියලා තමයි වාර්තා වෙන්නේ.
සජිත්-රනිල් එකතුවුණ හමුව පහුගිය දවස්වල සෑහෙන්න කතාබහට ලක්වුණු ජනප්‍රිය දේශපාලන මාතෘකාවක්. මේකට පාර කැපුවේ කවුද කියන එක පිළිබඳව දේශපාලන වේදිකාවේ පහුගිය දවස්වලින් මතු වුණා. මේක වෙලා තියෙන්නේ අද ඊයේ නෙමෙයි, මීට දින කිහිපයකට කලින්... කියන්නේ ටිකක් කාලයකට කලින්, චීනයේ විශේෂ සැමරුමක් තිබ්බා. මේ සැමරුමට දේශපාලඥයෝ ඇවිල්ලා හිටියා. මේකෙත් තමයි වැඩේ පටන් අරන් තියෙන්නේ. අපි මේ ගැනත් කලින් කිව්වා. මේකට යනවා රාජිතයි, සුජීවයි, ඒ වගේම තලතත් ඇවිල්ලා ඉන්නවා. මේකෙදි මුලින්ම මේ ගැන කතා කරන්නේ රාජිතයි, සුජීවයි. මේ දෙන්නා කතා කර කර ඉන්නැද්දී තලතත් මේකට සම්බන්ධ කරගන්නවා. මේකෙදි රාජිත සම්පූර්ණ පැහැදිලි කිරීමක් කරලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයටයි, සමගි ජන බලවේගයටයි එකතු වෙන්න බැරි හේතු මොනවාද කියලා. මේ හේතු ටිකත් අරන් සුජීව ගිහිල්ලා තමන්ගේ කැප්ටන් එක්ක කතා කරලා තියෙනවා. පස්සේ ටික දවසකින් සුජීව කතා කරනවා රාජිතට, "වැඩේ හරි, අපිට හම්බවෙන්න පුළුවන්," එහෙමයි සුභ පණිවිඩය කියලා තියෙන්නේ. මුලින්ම ප්ලෑන් කළේ මේක ගාල්ල මුහුද ආසන්නයේ හෝටලයක, සුපිරි හෝටලයක තියන්න. හැබැයි පස්සේ කට්ටියක් ඒකට විරුද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි විපක්ෂ නායක කාර්යාලය මේකට තෝරගන්නේ. දැන් පොඩි අලුත් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි, හරි දැන් හම්බවුනානේ, ඊට පස්සේ මොකද කරන්නේ? මේ හමුව කොහොමද දිගටම, මේ එක සමගිය කොහොමද දිගටම තියාගෙන යන්නේ කියන එක පිළිබඳවත් පොඩි ප්‍රශ්නයක් මතු වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. මේ අතරතුරේදී එක්සත් ජාතික පක්ෂයේ විශේෂ රැස්වීමක් පහුගිය දා තිබ්බා. මේකෙදි අලුත් සංවිධායකයෝ පත් කිරීම් සම්බන්ධයෙන් කතා කළා. විශේෂයෙන් බස්නාහිර සහ සබරගමුවට මුලින්ම දාලා ඉදිරි කටයුතු කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හයවෙනිදා එයාලගේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂය නම් මේ අතරතුරේදී කවුරු එකතු වුනත් නැතත් තමන්ගේ වැඩටික කරගෙන යනවා කියලා තමයි දේශපාලන වේදිකාවේ තිරේ පිටුපසින් අපිට අහන්න දකින්න තියෙන්නේ. යළිත් මුණගැසෙමු කනින් කොනින් ඇසුණු කතා සමග.