Published
දැනට ඉදිරිපත් වී ඇති කරුණුවලට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා ගැනීමට මෙම අවස්ථාවේ තීරණයක් ගෙන නොමැති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නා.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වා ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා විසින් ගොනු කළ රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ශී හේරත් මහත්මිය මෙම දැනුම්දීම සිදුකළා.
ඉන් අනතුරුව මෙම පෙත්සම ලබන බදාදා කැඳවීමටද අධිකරණය නියම කළා.




