Published
50 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ ” රට හරහා දිවීමේ තරගාවලිය අද ආරම්භ වුණා.
ඒ, නුවරඑළිය තුරග තරග පිටියෙන්.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කරන මෙරට ක්‍රීඩා ක්ෂේත්රයේ සුවිශේෂීම මහෝත්සවය වන ”ජාතික මහා ක්‍රීඩා උළෙලේ” 50 වැනි ස්වර්ණ ජයන්ති සැමරුමට සමගාමීව ” රට හරහා දිවීමේ තරගාවලිය” මෙවර සංවිධානය කර තිබීම විශේෂත්වයක්.
එහි සමාරම්භක උත්සවය නුවරඑළිය තුරග තරග පිටියේදී අද පැවැත්වුණේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.
දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරමින් මෙවර තරගාවලිය සඳහා කාන්තා 45 ක් සහ පිරිමි 77 ක් වශයෙන් සමස්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන් 122 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.




