මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 97,637ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එම රෝගීන් අතුරින් 74 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එම ඒකකය සඳහන් කළේ.

මේ අතර සැප්තැම්බර් මාසයේ ගතවූ දින 13ක කාලය තුළදී ඩෙංගු රෝගීන් 2,146ක් ද වාර්තා වී තිබෙනවා.

සමස්ත ඩෙංගු රෝගීන් වාර්තාවීම සැලකීමේදි වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 20,742ක්.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 19,235ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 7,291ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,247ක්ද වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සදහන් කළේ.