දිවයින ආශ්රිත බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී ද වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම, අද දිනයේදී ද බස්නාහිර, සබරගමුව, මධ්යම සහ වයඹ පළාත්වල මෙන්ම අනුරාධපුර දිස්ත්රික්කයෙ ්ඇතැම් ස්ථානවලටද මිලිමීටර් සියයට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්යාඥ සචිත් වික්රමසූරිය මහතා පැවසුවේ.
"දකුණු නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් තවදුරටත් බලාපොරොත්තු වෙනවා. මේ හේතුවෙන් දිවයින පුරා අහස බරව පවතිනවා. තදින්ම උතුරු, නැගෙනහිර, දකුණ සහ බස්නාහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන්න පුළුවන්. නමුත් තව දිවයිනේ සසු ප්රදේශවල පස්වරු එකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්යම සහ වයඹ පළාත්වලත් අනුරාධපුර දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් සියයට වැඩි තද වැසි බලාපොරොත්තු වෙනවා. දිවයිනේ සසු ප්රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවෙන්න පුළුවන්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්ය ක්රියාමාර්ග ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. මීදුම් සහිත තත්ත්වය ගැන අද දිනයේ සලකතොත් සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ අද දිනයේදීත් මීදුම් සහිත තත්ත්වයක් දැකගන්න පුළුවන්."
මේ අතර දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීම තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.




