Published
ඇදහැළුණු මහවැසි හේතුවෙන් ඇතැම් ප්‍රදේශ තවදුරටත් ජලයෙන් යටවී තිබෙන බව වාරිමර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඉදිරියේදී දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට තද වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරන්නේ.
ඒ අනුව ඉදිරියේදීද කැළණි, කළු සහ අත්තනගලු ඔය අවට ප්‍රදේශවල ජනතාව තවදුරටත් අවධානයෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවා.




