ඇදහැලෙන මහ වැසි හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුවේ කොළඹ දෙසට වන පිවිසුම ජලයෙන් යටවීම තිබෙනවා.

මේ හේතුවෙන් එම ස්ථානයෙන් රථ වාහන ඇතුළු කිරීම තාවකාලිකව නවතා දැමූ බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ.

අයහපත් කාලගුණය හමුවේ අධිවේගී මාර්ගවල රිය ධාවනයේදී වඩාත් සැලකිලිමත් වන ලෙසට ද රියදුරන්ගෙන් ඉල්ලීමක් ද කළා.