දූෂණ චෝදනාවකට අදාලව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව  අත්අඩංගුවට ගත් දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සැකකාර ෂාන් විජයලාල් ද සිල්වා මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහිදී අධිකරණය නියෝග කළේ දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා 06/12 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ එම පළාතේ ස්වේච්ඡා සමිති සදහා පුටු මිලදී ගැනීමේ දී සිදුව ඇතැයි පැවසෙන සිද්ධියකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඔහු එලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.