Published
කුරුවිට, පැරඩයිස් ප්රදේශයේ සිදුකළ වැටලීමකදී දැඩි ආරක්ෂිත සත්ව කොටස් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ගුවන් හමුදා බුද්ධි අංශය ලබාදුන් තොරතුරක් මත වනජීවී නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකදීයි.
එහිදී ගෝන අං, මුව අං සහ ඇත් දළවලින් නිර්මාණය කළ ආභරණ, අලියෙකුගේ දත් කොටස්, නරියෙකුගේ හම් කොටසක් සහ කස්තුරි කැබැල්ලක් ඇතුළු සත්ව කොටස් රැසක් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කුරුවිට ප්රදේශයේම පදිංචිකරුවන් වනවා.
වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතින් දැඩිලෙස ආරක්ෂිත මෙවැනි සතුන්ගේ කොටස් සන්තකයේ තබාගැනීම, ප්රවාහනය හා වෙළඳාම තහනම් වන අතර, මෙවැනි ජාවාරම් පිළිබඳ තොරතුරු වේ නම් 19 92 හදිසි අංකයට දැනුම් දෙන ලෙසයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.




