නඩු කටයුතු අවසන් වූ හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය තොගයක් අද විනාශ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, පුත්තලම, වනාතවිල්ලුව ලැක්ටොවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති දහන උඳුනේදීය.

මෙලෙස දහනය කරනු ලබන්නේ මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් වූ හෙරොයින් කිලෝ 99 ග්‍රෑම් 478ක් සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ ඇති නඩු කටයුතු අවසන් වූ දිවයිනේ විවිධ අධිකරණ මගින් විනාශ කිරීමට නියෝග කළ මත්ද්‍රව්‍ය තොගයක්.

අදාළ මත්ද්‍රව්‍ය තොගය දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ ලැක්ටොවත්ත ප්‍රදේශයට රැගෙන යාමට නියමිතව තිබෙනවා.