වසර 21 ක් පුරා තවදුරටත් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිව්ස් සදහා ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
සර්වේ රිස්ච් ලංකා ආයතනය මගින් රටපුරා කරනු ලබන සමීක්ෂණයන්හි නවතම සමීක්ෂණ වාර්තා අනුව ද නෙත් නිව්ස් සියළු ප්රවෘත්ති සන්නාම අතර අංක එකට පැමිණ තිබෙනවා.
වසර 21 ක් පුරා ජනතා විශ්වාසය දිනා ගනිමින් සහ ජනතාවට සත්‍ය තොරතුරුම පමණක් වාර්තා කරමිනුයි නෙත් නිව්ස් ප්රවෘත්ති සන්නාමයක් ලෙස මෙලෙස ඉදිරියට පැමිණ තිබෙන්නේ.
නෙත් නිව්ස් නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ මෙන්ම ඩිජිටල් අවකාශය තුළද ජනතා ආකර්ශනය දිනා ගනිමින් සිටිනවා.
මෙම ජයග්‍රහණ සම්බන්ධයෙන් නෙත් නිව්ස් දිනෙන් දින තව තවත් ඉහළට ඔසවා තබන නෙත් ශ්රාවකයින්ටත් සමාජ මාධ්‍ය පරිශිලකයන්ටත් අපගේ ස්තුතිය.
රට පුරා සිටින ප්රවෘත්ති එසැණින් වාර්තා කරන නෙත් නිව්ස් අපගේ විශේෂ නියෝජිතයන්ට සහ විදෙස් රටවල සිට නෙත් නිව්ස් වෙනුවෙන් තොරතුරු සපයන අපගේ විශේෂ නියෝජිතයන්ටද මෙහි ගෞරවය හිමිවිය යුතුයි.
නෙත් නිව්ස් සදහා අනුග්‍රාහකත්වය දක්වන සියළු ආයතනවලට ද අප ස්තුතිය පිරිනමනවා.
ප්රවෘත්ති වාර්තාකරණයට උනන්දුවක් දක්වන පාසල් සිසුන්, උසස් අධ්‍යාපන ලබන මාධ්‍යකරණය හදාරණ සිසුන් ඇතුළු පාර්ශව වෙනුවෙන් ඉදිරියේදී විශේෂ වැඩසටහන් කිහිපයක්ද නෙත් නිව්ස් විසින් සැලසුම් කරමිනුයි සිටින්නේ.
මෙම වැඩසටහන් ඉතා ඉක්මණින් ජනගත කිරීමට අප බලාපොරොත්තු වනවා.




