පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී වත්මන් ලෝක ශූරියන් වන ප්‍රබල නවසීලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවැති තරගය කඩුලු 5ක ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන්නා. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ඔවුන් රැස් කළ් ලකුණු සංඛ්‍යාව 150ක්.

නවසීලන්ත ඉනිමේදී මෙලී කර් සහ සොෆී ඩිවයින් ලකුණු 45 බැගින් ලබා ගත් අතර, මැඩි ග්‍රීන් ලකුණු 18ක් එක් කළාය.

පන්දු යැවීමේදී කවිෂ්කා දිල්හාරි කඩුලු 2ක් දවාගත්තා. මිහිරි අයෝධ්‍යා, කව්‍යා කාවින්දි, සුගන්ධිකා කුමාරි, චමරි අතපත්තු සහ නිමාෂා මේගපගේ අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ජයග්‍රාහී ලකුණු 151ක
ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 19.4කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 153ක් ලබා ගනිමින් තරගය ජය ගත්තා.
නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 54ක් රැස් කළා. නායිකා චමරි අතපත්තු ලකුණු 27ක් ලබාගත් අතර, විශ්මි ගුණරත්න ලකුණු 17ක්, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 5ක් සහ හසිනි පෙරේරා ලකුණු 2ක් ලබා ගත්තා.