Published
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.
ඒ, එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව අල්ලස් ලබාගත් බව කියන සිද්ධිය සදහා විභාග වන නඩුවට ඉදිරිපත් කිරීමටයි.
අදාළ නඩුව පසුගිය 13 වනදා කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, සැකකරු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරුන් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් එම නියෝගය නිකුත් කර තිබුණා.




