දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් පස් දෙනා දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන විත් තිබෙනවා.

මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන උර 10ක් ප්‍රවාහනය කරමින් තිබූ මෙම දේශීය බහුදින ධීවර යාත්‍රාව නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබුණේ ඊයේ දිනයේදීයි.

අදාළ බහුදින ධීවර යාත්‍රාව තුළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ඇති බවට සැක කෙරෙනවා.