Published
නුවරඑළියේ පැවති යතුරුපැදී ධාවන තරගයක් අතරතුර සිදුවූ බිහිසුණු අනතුරකින් යතුරුපැදිකරුවන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
එම අවස්ථාව ආවරණය කළ නෙත් නිව්ස් නියෝජිත රංජිත් රාජපක්ෂ පැවසුවේ තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කෙරූනු බවයි.
නුවරඑළිය මහා නගර සභාව සහ පෞද්ගලික සමාගමක් එක්ව තරඟය සංවිධාන කර තිබුණා.
ඒ සීසී 400 යතුරුපැදි සඳහා. කාලය මනින තරගයක් ලෙස සංවිධාන කර තිබුණු මෙය ආරම්භ කෙරුණේ නානුඔය බ්ලැක්ෆූල් පාලම අසලින්. කඳු බෑවුම් සහ වංගු සහිත තේ වතු හරහා තරඟකරුවන් මාගස්තොට දක්වා ගමන් කළ යුතු වුණා.
තරගය පැවැත්වුණේ වැසි සහිත අයහපත් කාලගුණයක් පවතිද්දීයි.
ලිස්සන සුළු මාර්ගයේ යතුරුපැදි දෙකක් ලිස්සා ගිය අතර ඒවා තේ වත්තකට පෙරළීමෙන් අනතුර සිදුවුණා.




