Published
ආසියානු වයස අවුරුදු 23න් පහළ මලල ක්රීඩා උළෙලේ දී ශ්රී ලංකාවට තවත් ලෝකඩ පදක්කක් දිනාදීමට නෙත්මි මදුෂානී හේරත් අද සමත් වුණා.
ඒ, කාන්තා තුන් පිම්ම ඉසව්වෙන්.
මෙහිදී ඇය දැක්වූ දක්ෂතාව මීටර් 13 යි දශම 2යි 5ක්.
ඒ අනුව මෙවර ආසියානු වයස අවුරුදු 23න් පහළ මලල ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාව දැන් දිනාගෙන ඇති මුළු පදක්කම් ගණන 3ක්.
ඒ රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක්.
රිදී පදක්කම දිනා ගත්තේ මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ දී ආයෝමාල් පෙරේරා විසින්.
අනෙක් ලෝකඩ පදක්කම මීටර් 400 කාන්තා ධාවන ඉසව්වේ දී ජීත්මා ශෙනාරි විජේතුංග විසින් දිනාගත්තා.
තරගාවලිය පැවැත්වෙන්නේ චිනයේදීයි.




