දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේත්  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
ජනතාවගෙන් ඉල්ලීමක් ද කළා.