Published
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කැඳවීමක් කර ඇතැයි මාධ්‍ය මගින් වාර්තා කර තිබුණද එවැනි කැදවීමක් මේ දක්වා නොලැබුණු බව හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන් පවසනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙවැනි කැදවීමක් සිදු කරන්නේ නම් ඒ බව දැනුම් දිය යුත්තේ මාධ්‍ය වෙත නොව කැදවන ලබන පුද්ගලයාට බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්නටද ලබන 12 වනදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටිමට දැනුම්දී ඇතැයිද මාධ්‍ය මගින් වාර්තාකර තිබුණා.
ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළ විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබාදීමට ඔවුන් දෙදෙනාට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇති බවද එම මාධ්‍ය වාර්තාවල දැක්වුණා.




