Published
තමන් පාර්ලිමේන්තුව මන්ත්‍රී ධුරයක් අපේක්ෂාවෙන් සිටින බවට පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසනවා.
පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට තමන්ගේ කිසිදු අපේක්ෂාවක් නොමැති බවයි මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ආරක්ෂක ලේකම්වරයා කියාසිටියේ.




