පාසල් සිසුන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් නාවලපිටිය තිස්පණේ හන්දිය ප්‍රදේශයේදී අනතුරකට ලක්වීමෙන් පාසල් සිසුන් දහතුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

නාවලපිටිය කැටබුලාවේ සිට හරංගල දක්වා ධාවනයවූ එම වෑන් රථය අද උදෑසන නාවලපිටිය තිස්පණේ හන්දිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී බෑවුමකට පෙරලී යාමෙන් එම අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අනතුරෙන් තුවාල ලැබූ පිරිස ප්‍රතිකාර සඳහා නාවලපිටිය රෝහලට ඇතුලත්කර තිබෙනවා.
තුවාල ලැබූ පිරිස අතර අවුරුදු හතත් - දහයත් අතර සිසුවියන් එකොළොස් දෙනෙකු සහ සිසුන් දෙදෙනකු වන බවයි නාවලපිටිය පොලීසිය පැවසුවේ.

වෑන් රථයේ රියදුරාද රෝහල් ගත කර ඇති අතර නාවලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.