පාසල් සිසුවෙකුට හොඳින් අධ්‍යාපනය ලබාදීමට නම් එම සිසුන්ගේ පසුබිම සෑම ගුරුවරයකුම හොඳින් දැනගෙන සිටිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය , අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

ළමුන් සංඛ්‍යාව වැඩි පන්ති කාමරවල ළමුන් සංඛ්‍යාව අඩු කිරීමට රජය තීරණය කර ඇත්තේ ඒ හේතුවෙන් බවයි අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.

මේ අතර, 2026 වර්ෂය සඳහා ජාතික පාසල් සහ විද්‍යාපීඨවල භෞතික සම්පත් සංවර්ධනයට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල වන රුපියල් බිලියන 13.5 ක මුදලක් වෙන්කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවා.

පාසල් අලුත්වැඩියා කටයුතු සඳහාද රුපියල් බිලියන 5ක් වෙන්කර ඇති බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වැඩිදුරටත් පෙන්වා දුන්නා.