ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ හදිසි බිඳවැටීම මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ දෝෂය හේතුවෙන් අද පෙරවරුවේ විදෙස් ගමන්බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු බාධා එල්ල වී තිබුණා.

මේ අතර සිය වෘත්තීය ක්‍රියාමාර්ගය හමුවේ සේවාලාභීන්ට සිදුවන අපහසුතාවලට රජය වගකිව යුතු බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එහි සභාපති නන්දන රණසිංහ මහතා පැවසුවේ සිය ඉල්ලීම්වලට විසදුම් ලබාදෙන ලෙස බලධාරීන්ට බල කරමින් ඊයේ ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේද ක්‍රියාත්මක බවයි.

ඒ අනුව අද දිනයේද සියලු ග්‍රාම නිලධාරීන් රාජකාරීවලින් ඉවත්ව සිටින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.