පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වා ගෙන යමින් මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මූල්‍ය ආයතනය පවත්වාගෙන යෑම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය කිරීම, මුදල් සැපයීම, කළමණාකරනය කිරීම සම්බන්ධයෙන් එම විමර්ශන කොට්ඨාසය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව මීගමුව ප්‍රදේශයේදී මෙම මුදල් වංචාවට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් තිඹිරිගස්කටුව හා මීගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.