Published
ගොවිඳුපුර, පල්ලම්ඔය ප්රදේශයේ පුරාවස්තු සොයා කැණීම් කරමින් සිටි සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදි සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි ගොවිඳුපුර පොලීසිය පැවසුවේ.
එහිදි අත්අඩංගුවට ගත් සැකකරුවන් මොණරාගල. රත්නපුර, උහන සහ බඩල්කුඹුර ප්රදේශවල පදිංචිකරුවන් වනවා.
ගොවිඳුපුර පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.




