Published
මිද්දෙනිය, උල්හිටියාව ප්රදේශයේදී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් සොයා පොලීසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.
එම කාන්තාව සිය නිවස ඉදිරිපිට රැදී සිටි අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් තිබුණා.
එහිදී බරපතල තුවාල ලැබූ ඇය රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නැදුන්ගොඩ නිර්මල ප්රසංග හෙවත් ‘බැකෝ සමන්‘ නමැත්තාගේ මවයි.
‘කෙහෙල්බද්දර පද්මේ‘ ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලිය පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී ‘බැකෝ සමන්‘ නමැත්තා ද එම පිරිස අතර සිටියා.




