බුත්තල - මොණරාගල ප්‍රධාන මාර්ගයේ මහගොඩයාය ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ රැදී සිට ඇත්තේ බස් රථ රියදුරු, කොන්දොස්තර ඇතුළු පුද්ගලයින් දස දෙනෙකු පමණයි.

අනතුරෙන් රියදුරා පමණක් සුළු තුවාල ලබා ඇති බවයි නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මොණරාගල සිට තණමල්විල දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක්.

බස් රථයේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

අනතුර සම්බන්ධයෙන් බුත්තල පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.